Tuesday, February 21, 2017

ඔබ එන්න...............




උදා හිරු කිරණ සේ හද විලට ඔබ එන්න
සෙනෙහෙ සිත සුවඳ දෙන සියපතක් වී ඉන්න
සියොත්  කිචිබිචිය හා නිම්නාද වී එන්න
නෙක හැඟුම් පුබුදනා ගීත නාදය වන්න

සිහිල් මද පවන වී සිලිසිලිය නංවන්න
දිවි මගේ සරතැසට සිහිල් සුව ගෙන දෙන්න
වළා පෙළ මැදින් ඔබ දේදුන්න සේ එන්න
                                                                     පූදිනා පෙම් හැගුම් වර්ණවත්  කරලන්න

අදුරු රෑ කළුවරේ සිත් අහස වෙත එන්න
අහස් කුස එකලු කළ පුරා හඳ වී ඉන්න
දෙනෙත් පිය වසන සඳ  සිහිනයක් වී එන්න
සැබෑවක් කියා මට මගේ සිත රවටන්න
                      

චරිතා ජයසිංහ

No comments:

Post a Comment