මලක් නොපිපුණු මඟක කටුසර
මෙතෙක් බෝ දුර
ගලා ඇවිදින්
වැවක් සේ දිය බෙදාදෙන්නට
ඉදින් නතරව
ගිමන් හරිනෙම්
අයාලේ ගිය
මුගුරු ගල්කැට
වැදී රිදුනත්
අරන් ඇවිදින්
ඒ ගල් රැස්කර
හැදෙන වැව් දොර
මුදාලන දිය ලොවට
පුදනෙම්
වසන්තෙක වග
අසාවත් නැති
තවත් මිනිසුන් මෙලොව
ඇත්නම්
උනුන් නෙත් අග
පුංචි කුසුමක්
පිපෙන දවසට එයයි
අබිමන්..............
ඒච්.ඩී.අනීෂා ශිරෝමාලා
No comments:
Post a Comment