Tuesday, February 28, 2017

මලක්  නොපිපුණු මඟක කටුසර
මෙතෙක් බෝ දුර ගලා ඇවිදින්
වැවක් සේ දිය බෙදාදෙන්නට
ඉදින් නතරව ගිමන් හරිනෙම්

අයාලේ ගිය මුගුරු ගල්කැට
වැදී රිදුනත් අරන් ඇවිදින්
ඒ ගල් රැස්කර හැදෙන වැව් දොර
මුදාලන දිය ලොවට පුදනෙම්

වසන්තෙක වග අසාවත් නැති
තවත් මිනිසුන් මෙලොව ඇත්නම්
උනුන් නෙත් අග පුංචි කුසුමක්
පිපෙන දවසට එයයි අබිමන්..............

                        ඒච්.ඩී.අනීෂා ශිරෝමාලා


No comments:

Post a Comment