Tuesday, February 21, 2017

එක් රිදී දෝලියක් සිදුහත්ට කී කව








පුතේ නුඹ පොඩිකමට
කරන දඟකාරකම්
තාත්තා මා එක්ක කියනවා,
මම මගේ හිත කොනක
තාත්තගෙ හැඩ රුවට
සුදු පුතෙක් මවාගෙන
නෙත් කොනක
ඉණු කදුළු පිහිනවා,
අම්මගෙ තුරුල්ලට
නුඹ ආව වගක් වත්
මට නොකිවු තාත්තා
නුඹේ දඟකාරකම්
දැන් ඇවිත් මා එක්ක කියනවා,
සුදු පුතේ ඇත්තමයි
මට පෙලක් වෙලාවට
අම්මා ගැන ඉරිසියා හිතෙනවා ,
පුතේ සමහරදාට
රෑ මගේ හීනයට
සුදු ඇතෙක් ඇවිත් සැරිසරනවා
ඒත් ඒ සුදු ඇතා
මා ළඟට නෑවිදින්
යළි හැරී කැලෑවට වදිනවා..................

කුමරිනී ප්‍රතාපසිංහ

No comments:

Post a Comment