සංසාරයේ දුක් කඳ මැදින්
මගෙත් දුක් ගිනි උහුලනා
හිතේ ළතැවුල් නිවන සංහිඳ
ඔබයි මගෙ අම්මා.............
යනෙන මග තොට හිඳින සැම තැන
මගේ සෙවණැල්ලම නිසා
හතර පෝයට සිල් නොගත්තත්
ඔබයි බුදු අම්මා.......
මගේ රුව ගුණ සැදූ වෙහෙසව
ඔබේ ගැන නොසිතූ නිසා
එකින් එක සුදු වුණත් මුහුලස
සුන්දරයි අම්මා..................
ධනංජනී
පුෂ්පමාලි රත්නායක

It's excellent.keep it up and looking forward to see more.....
ReplyDelete