Saturday, February 25, 2017

රෝබරෝසියා කවි




තවමත් මමවත් නොදන්නා
ඉරණම්කාර සුපෙම්වත
ඔබ නමින් ලියමි කවියක්
වැටෙන රෝස පැහැ 
රෝබෝරෝසියා පෙති මත 
ඔබ එන මතු දිනෙක 
දෝතින්ම ගෙන පුදන්නට


වෑස්සෙන අහස ගඟ පිනි බිදිති ගෙන
පෑස්සෙන ඇසිල්ලකදී දෙහද කොණ
දෑස් අසල සිහිනය දිග හැරෙන දින
රූස්සම පෙමක් රැක ගමි නුඹ නමින

සහසක් මලින් මල පරවී වැටුණාවේ
දහසක් බිගුන් රැව් දී වට රැඟුවාවේ
සුවදක් පවන් රැලි අතරින් හැමුවාවේ
සියයක් අතර වුව ඔබ නෙත ගැටුණාවේ

 රෝබරෝසියා මල් ගොමු අතරින් වියැකී
නුඹ ගැන සිහින සුසුවඳ රැඳි මල් වැලකී
සුබ ලකුණක් විලස දිසි නිල් දිය විලකී
නුබ ගැබ සඳු පතන මා නම් තරු ලියකී

සිහින සිඹින දෙනයන පියවා ගනිමි
වැටෙන වැටෙන මල් මත ඔබ රුව දකිමි
මලෙක මෙලෙක දත් කවි හද විසිකරමි
විතක රැදුණු මී සේ තනිකම විදිමි


ධරණී උපේකා වීරසේකර 



No comments:

Post a Comment