Tuesday, February 28, 2017

මගේ සුමිතුර නුඹට පවසමි


කිත් යසස් ලුහු බඳින නුඹ පස
තනතුරක් ලද මගේ සුමිතුර
කන්තෝරුවේ ලොකුම පුටුවක
නුඹ වාඩි වී හිඳී හෙට දින

ගමේ බණ්ඩා, ගුණේරිස් හෙම
දුක කියන්නට ළඟට ආ විට
නුඹේ නෙත් පුවත්පත වෙතම දල්වා
හිඳීවී දෝ සැකත් හිතුණා.........

අහිංස මිනිසුන් ඉදිරියේ දී
සඟවපන් නුඹ නුඹේ ‘පොෂ්‘කම
උන්ගෙ මුහු‍ණේ සිනා රැල්ලක්
සිතුවම් කරාපන් මතක ඇතුවම
එයයි නුඹගේ පරම යුතුකම.........

පෙන්නපන් නුඹ නුඹගේ තෙද බල
අතීතය, අවිනය රජ කරවන උන් හට
ඒත් එක්කම මතක ඇතුවම
නුඹේ අසිපත නිතර මුවහත් කරගනින්
නැතොත් උන් උඹෙ ගෙල සිඳීවී
නුඹට නොහැඟෙන සේ සීරුවට..........
      මගේ සුමිතුර මේ අසාපන්
යනෙන තැන ලක් මවට අභිමානය ලබා දී
සනසවාපන් ඈ සනසවාපන් .............



දේවිකා හීන්දැලිය 

No comments:

Post a Comment