Tuesday, February 21, 2017

යශෝදරාවී







පිපිණු මලක සුවද අරන්
පාළු හිතට මගෙ ඇවිදින්
සුවද කරන ජීවිතයම
මගෙ මල් කැකුළී.....
            මලට වෙනස්, කවදාවත්
            පරවෙන්නේ නෑ..........

දිලෙන සදක එළිය අරන්
අදුරු ලොවට මගෙ අවුදින්
ජීවිතයම එළිය කරන
මගෙ සද කොමළී........
            සදට වෙනස්, කවදාවත්
            බැස යන්නේ නෑ...........

හිරු කිරණෙක මුදු පහසින්
උණුහුම දෙන ළඟ රැදෙමින්
දිවි විජිතය එළිය කරන
මගෙ හිරු කොමළී........
            හිරුට වෙනස , කවදාවත්
            මා දැව්වේ නෑ...............


කසුන් මධුරංග ලියනගේ

No comments:

Post a Comment