සොබාසිරින්
සුරපුරයක් ලෙසින් සැදී
සුන්දර
මෙසිරිලක ලොව පරසිද්ධ වුණී
ධනයට ලොබව වනසන
විට සොබා සිරී
සොබා දමින දෙයි
කරදර නිමක් නැතී
කැලෑ ගිනි තබා
වනසති තැනින් තැන
දැන් නිසි කලට නිසි ලෙස වැසි ලැබෙන් නැත
බොන්නට ජලය වත්
නැත දැන් දනන් වෙත
මහා නියං
පැතරෙනවා කලින් කල
වනසා ඇතවන
සතුන්ගේ නවා තැන්
සතුනුත් මරන්නේ
ලෙස තිරිසනුත් මෙන්
මනසින් උසස්
යැයි කියනා මිනි සුන්
සියතින් සිඳ
ගනී ගෙල අමනයන් මෙන්
සොබා දහම අප
කාටත් උරුම වෙතී
එය රැකගන්න අප
හට යුතුකමක් ඇතී
වැනසුවහොත්
දුක් කරදර නිමක් නැතී
රැක ගතහොත්
කාටත් හොඳ හෙටක් ඇතී
ඩබ්.ජී.එම්. ප්‍රියදර්ශනී

No comments:
Post a Comment